හෙට සවස මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැසුමක්

හෙට සවස මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැසුමක්

මහනුවර ශ්‍රී දළදා මාළිගාව සහ සතර දේවාල කේන්ද්‍ර කරගනිමින් පවත්වන ජනරජ පෙරහර හේතුවෙන් හෙට (19) පස්වරු පහේ සිට පෙරහැර අවසන් වනතෙක් මහනුවර නගරයේ විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

75 වන ජාතික නිදහස් සැමරුම් උත්සවයට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සංවිධාන කර ඇති මෙම පෙරහැර හෙට පස්වරු 6 ආරම්භවීමට නියමිතයි.

පෙරහැර දළදා මාළිගාව අසළින් ආරම්භ වී දළදා වීථිය, යටිනුවර වීථිය, රජ වීථිය ඔස්සේ පැමිණ ගෙවදීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.