හග්ගල දී ඩීසල් බවුසරයක් පෙරළෙයි

හග්ගල දී ඩීසල් බවුසරයක් පෙරළෙයි

ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ බවුසර් රථයක් නුවරඑළිය හග්ගල මහ වංගුව ප්‍රදේශයේ දී අනතුරට පත්ව තිබේ.

කොළොන්නාවේ සිට නුවරඑළිය දක්වා ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ බවුසර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරින් බවුසරයේ රියදුරු සහ සහයකයා සුළු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

ඩීසල් ලීටර් 13,000 ක් රැගත් බවුසර් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති අතර එහි ඩීසල් කාන්දුවක්ද සිදුව ඇති බව වාර්ත වේ.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

COMMENTS