අද කොළඹට එන විරෝධතාකරුවන්ට පොලිසියෙන් දැනුම්දීමක් – උසාවියෙනුත් නියෝගයක්

අද (20) දිනය තුළ කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කර ඇති විරෝධතා පැවැත් වීමේ දී මාර්ගයේ ගමන් ගන්නා ජනතාවට හෝ පොදු දේපළවලට යම් හානියක් හෝ අවහිරයක් සිදුවන්නේ නම් අදාළ විරෝධතා පෙළපාලිවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව පවසනවා.
ඔහු ඒ බව සඳහන් කරමින් වැඩිදුරටත් කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට පොලීසිය කිසිවිටෙකත් බාධා නොකරන නමුත් යම් පිරිසක් පවතින නීතියට එරෙහිව කටයුතු කරන්නේ එයට එරෙහිව කටයුතු කරන බවයි.
“විශේෂයෙන් අපි කියන්නේ පෙළපාලි පවත්වන්න එපා කියන දේ කාරණය. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් පෙළපාලියක් හෝ යම්කිසි දෙයක් ඒ සඳහා අදාළ ක්‍රියාමාර්ග ගැනීමට පොලීස් නිලධාරීන් කටයුතු කරනු ඇත. පොලිස් නිලධාරීන් ඒ සඳහා සුදානමින් ඉන්නවා. පවතින නීතිය යටතේ පොලිස් නිලධාරීන් කටයුතු කරන්නේ. නීතියානූකූලව කටයුතු කරන්න අවශ්‍ය උපදෙස් නිලධාරීන්ට ලබාදීලා තියෙනවා.” යනුවෙන් ද ඔහු කියා සිටියා.
මේ අතර අදාල විරෝධතාව වලක්වන්න ලෙස නියෝගයක නිකුත් කරන්නැයි ඉල්ලමින් පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස අධිකරණය සඳහන් කළේ, සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු එහි සංවිධායකයින් 7 දෙනෙකු සහ ඊට සහභාගි වන තැනැත්තන්ට ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, ගාලුමුවදොර පිටිය සහ ඒ ආශ්රිත මාර්ග කිහිපයකට අද (20) පස්වරු 2 සිට රාත්‍රී 7 දක්වා කාලය තුළ ඇතුළුවීමෙන් වළකින ලෙසයි.

