උසස් පෙළ පිළිතුරු පත් බැලීමට ගුරුවරු මදි ලු

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුව ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.
ඇගයීම් ක්‍රියාවලිය අවශ්‍ය පිරිසෙන් ප්‍රමාණවත් පිරිසක් අයදුම්කර නැති බවත් ගුරුවරු අයදුම් කර නැත්තේ මේ ඇගයීම් ක්‍රියාවලියට දෙන මුදල ප්‍රමාණවත් නොවන නිසා බව ජෝසෆ් ස්ටාලින් සඳහන් කරයි.
ඔහු පැවසූවේ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු හෙට ආරම්භ කිරීමට නියමිතව තිබූ බවය.

