සබරගමුව සරසවිය තුළ නීතිවිරෝධී ව රැඳී සිටින සිසුන්ට දැනුම් දීමක්

දින නියමයක් නොමැතිව වසාදැමුණු සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරිමට නම් විශ්වවිද්‍යාල භුමියේ රැදී සිටින සියලු සිසුන් ඉවත්විය යුතු බව එහි උපකුලපති මහාචාර්ය උදය රත්නායක පවසනවා.
කළමණාකරණ පිඨයේ පළමු වසරේ සිසුන් පිරිසක් හා එම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන තවත් සිසුන් පිරිසක් අතර ඇතිවු ගැටුමකින් අනතුරුවයි පසුගිය 16 වනදා සබරගමුව විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසාදැමුණේ.
කෙසේ වෙතත් අධ්‍යයන කටයුතු ආරම්භ කිරිමට නම් සිසුන් විශ්වවිද්‍යාලයේ පවතින අවම නීති හෝ පිළිපැදිය යුතු බවයි එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මාහාචාර්ය උදය රත්නායක කියා සිටියේ.

