Instagram සහ Facebook පරිශීලකයින්ට දැනුම් දීමක්

Instagram සහ Facebook පරිශීලකයින්ට දැනුම් දීමක්

Meta සමාගම විසින් Instagram සහ Facebook පරිශීලකයින්ට ගිණුම් සත්‍යාපනය (Verification) කිරීම සඳහා ගෙවීමට ඉඩ සලසන සේවාවක් හඳුන්වා දී තිබෙනවා.

Mark Zuckerberg සිය Instagram ගිණුමෙහි පණිවිඩයක් තබමින් මේ බව ප්‍රකාශ කළා.

මෙම සත්‍යාපනය සාමාන්‍ය පරිශීලකයන්ට මසකට ඩොලර් 11.99ක් හා ඇපල් නිෂ්පාදන පාරිභෝගිකයන්ට මසකට ඩොලර් 14.99ක් ගෙවා ලබා ගත හැකි බව සඳහන්.

මෙම සේවාව මේ සතියේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සහ තවත් රටවල් කිහිපයක ක්‍රියාත්මක කිරීමට සූදානම් බව යි වාර්තා වන්නේ.

පුද්ගලාරෝපිත ගිණුම්වල අමතර ආරක්ෂාවක් සහ පාරිභෝගික සහාය ස්ථාපනය කිරීම මෙම සේවාවේ අරමුණ යි.