QR ක්‍රමය මාස 3 කින් අවසන්

QR ක්‍රමය මාස 3 කින් අවසන්

ඉන්ධන ලබාදීම සදහා මේ වන විට ක්‍රියාත්මක කිව්.ආර්. ක්‍රමවේදය ඉදිරි මාස 3 හෝ 4 තුළ අහෝසි කිරීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

එම ක්‍රමය අවසන්වීමෙන් අනතුරුව පෙර පරිදි තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය පිරවුම්හල්වලින් ලබාගැනීමට ජනතාවට අවස්ථාව හිමිවන බව අමාත්‍යවරයා පැවසීය.

රටේ ආර්ථික තත්ත්වය යහපත්වීමත් සමඟ ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් ලබාදීමට හැකිවනු ඇති බවද විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.