අඛණ්ඩව 20 වන වරටත් මල්ලවපොර පිරිමි ශූරතාවය නාවික හමුදාවට

අඛණ්ඩව 20 වන වරටත් මල්ලවපොර පිරිමි ශූරතාවය නාවික හමුදාවට

මෙවර ජාතික මල්ලවපොර පිරිමි ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදා කණ්ඩයාම සමත් වී තිබෙනවා.

ඒ අඛණ්ඩව 20 වන වරටයි.

ජාතික මල්ලවපොර සංගමය විසින් සංවිධාන කරනු ලැබූ මෙම තරඟය කොළඹ – ටොරින්ටන් පෙදෙස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පසුගිය දා නිමාවට පත් වුණා.

ප්‍රකට මල්ලවපොර ක්‍රීඩා සමාජ 20කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300ක් පමණ මෙවර ඊට එක්ව සිටි බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ.