දළඳා වහන්සේට අපහාස කළ සේපාල අමරසිංහ කොන්දේසි විරහිතව සමාව ඉල්ලයි

දළඳා වහන්සේට අපහාස කළ සේපාල අමරසිංහ කොන්දේසි විරහිතව සමාව ඉල්ලයි

දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරික සේපාල් අමරසිංහ විසින් දැනුම්දීමෙන් අනතුරුව ඔහුගේ නඩු කටයුත්ත අවසන් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (21) තීන්දු කළා.

මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේයි කැඳවනු ලැබුවේ.

එහිදී සැකකාර සේපාල් අමරසිංහ වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මහනායක හිමිවරුන්ගෙන් හා බෞද්ධ ප්‍රජාවගෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටින බව දන්වා සිටියා.

එවැනි කොන්දේසි විරහිතව සමාවක් අයැද සිටින්නේ නම් නඩු කටයුතු අවසන් කිරීමට සූදානම් බවයි පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප කියා සිටියේ.

එමෙන්ම අධිකරණය හමුවේ පෙනීසිටි පැමිණිලිකාර බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ පූජ්‍ය අගුරුවැල්ලේ ජිනානන්ද හිමියන් ඇතුළු පිරිසගෙන්ද ඔහු සමාව අයැද සිටියා.