රට ගොඩනැගීම සඳහා ඇති විකල්ප යෝජනා වලට ඉඩක්

රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට විකල්ප යෝජනා ඇත්නම් ඒවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සළසාදීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (20) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති හමුවකට එක්වෙමින්.
එහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ ආර්ථිකය ගොඩනැගීමට නිවැරදි සැලැස්මක් තිබිය යුතු බවයි.
මේ අතර, ජාතික ආරක්ෂක මණ්ඩලය, පාර්ලිමේන්තු පනතක් මගින් නීතිගත කිරීමට හැකිවන පරිදි කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි ව තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ, අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින්.

