විරෝධතාවයකින් හෝමාගම උණුසුම් වෙයි

හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අන්තර්විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවයක් අතරතුර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
එහිදී පිටිපන මංසන්ධියේදී ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට තාවකාලික අට්ටාලයක් ඉදිරිකිරීමට උත්සාහ කර ඇත.
එම අවස්ථාවේදී පොලීසිය එයට විරෝධය පළකිරීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය හට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

