වසන්ත මුදලිගේ ඇතුළු භික්ෂූන් වහන්සේලා 56ක් අත්අඩංගුවට

බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සහ දැරූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුළු 56 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගෙන ඇති භික්ෂූන් වහන්සේලා පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතුවල නිරත වූ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිසක් බවයි.
හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල යළිත් සියලු සිසුන්ට විවෘත කරන ලෙස බල කරමිනුයි අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබුණේ.

