සුළං විදුලි බලාගාර දෙකකට අදානි සමඟ ගිවිසුමක් – රැකියා 2,000ක්

මන්නාරම සහ පුනරීන් ප්‍රදේශයේ මෙගාවොට් 350ක සුළං විදුලි බලාගාර දෙකේ ඉදිකිරීම සඳහා වන අනුමැතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඊයේ (22) ඉන්දියාවේ අදානි සමාගමට ලබාදුන්නා.
ඒ, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයක දී යි.
ඒ සඳහා අදානි සමාගමේ නියෝජිතයන්ද එක්ව සිටි අතර, සුළං විදුලි බලාගාර ගිවිසුම සඳහා ගිවිසුම් අත්සන් කර තිබුණේ 2022 වසරේ මාර්තු 11 වනදා යී.
ඊට අදාළ අනුමැතියයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ඊයේ දිනයේ දී අදානි සමාගමට ලබා දී තිබුණේ.
ඩොලර් මිලියන 442ක ආයෝජනයක් වන මෙමඟින් රැකියා 1,500ත්, 2,000ත් අතර සංඛ්‍යාවක් උත්පාදනය කෙරෙනු ඇති.
ව්‍යාපෘතිය වසර දෙකකින් නිම කිරීමටයි අපේක්ෂා කෙරෙන්නේ.

