ජනාධිපති ආරක්ෂක දිසාවට උපාලි ජයසිංහ

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරව වැඩ බැලූ නියෝජ්‍ය පොලිස්පති උපාලි ජයසිංහ, ජනාධිපති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැඩබැලීම සඳහා අපරාධ දිසාව භාරව කටයුතු කරන නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට පත්කර ඇති බවයි.

