ශ්‍රී ලංකාවේ ඉපදී ලෝකය ජය ගත් මහාචාර්යවරයාට ගෞරව පදක්කමක්

ශ්‍රී ලංකාවේ ඉපදී ලෝකය ජය ගත් මහාචාර්යවරයාට ගෞරව පදක්කමක්

ශ්‍රී ලංකාවේ උපත ලැබූ මහාචාර්ය ඇන්ටනි ඇන්ජීට ජාත්‍යන්තර නීතිය පිළිබඳ අමෙරිකානු සමාජය විසින් පිරිනමනු ලබන ගෞරවණීය සම්මානයක් පිරිනමා තිබේ.

ජාත්‍යන්තර නීතිය වෙනුවෙන් ඔහු කර ඇති විශේෂ කාර්ය භාරය වෙනුවෙන් මැන්ලි ඕ හඩ්සන් පදක්කම පිරිනැමූ බව සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය (National University of Singapore) නිවේදනය කර ඇත.

මහාචාර්ය ඇන්තනි ඇන්ජි මේ වනවිට සිංගප්පුරු ජාතික විශ්වවිද්‍යාලයේ සේවය කරයි.

තමන් ලැබූ ගෞරවණීය පදක්කම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්යවරයා සඳහන් කළේ, මෙය අනපේක්ෂිත ගෞරවයක් බව ය.‍‍

“මේ ඉතා අනපේක්ෂිත ගෞරවයක්. මොක ද මගේ තර්ක ගොඩක් රැඩිකල් සහ අභියෝගාත්මක විදිහට තමයි සැලකුවේ. මගේ පොත ප්‍රකාශයට පත් කරන්න ගියා ම ත් මට ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණා. ඒත් මම අන්තිමේදී වාසනාවන්ත වුණා,” මහාචාර්ය ඇන්ටනි පැවසීය.

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියාහි ශ්‍රේෂ්ඨාධිකරණයේදී බැරිස්ටර් සහ නීතිපති ධූර සඳහා සුදුසුකම් ලැබීමෙන් පසු ඔහු මෙල්බර්න්හි නීතිවේදියෙකු ලෙස කටයුතු කර තිබේ.

පසුව හාවර්ඩ් නීති විද්‍යාලයෙන් නීතිය පිළිබඳව ආචාර්ය උපාධියක් ලබා ගත්තේ ය.