කමල් ගුණරත්නට අධිකරණයෙන් නියෝගයක්

කමල් ගුණරත්නට අධිකරණයෙන් නියෝගයක්

ඉකුත් මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියේ ඇති වූ ගැටුම්වලින් අනතුරුව දිවයින පුරා මැති ඇමතිවරුන්ගේ නිවාසවලට ගිනි තැබීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා ආරක්ෂක ලේකම් ඇතුළු වගඋත්තරකරුවන්ට අභියාචනාධිකරණය කල් ලබා දී තිබෙනවා.

මෙම පෙත්සම අද (24) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.මරික්කාර් යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ, මෙම නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ඒවා මැයි මස 22 වනදා ගොනු කරන ලෙස යි.

ඒ සඳහා වග උත්තරකාර ආරක්ෂක ලේකම්, එවක යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, පොලිස්පති ඇතුළු පිරිසකට නියෝග කළ බව සඳහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කල කරන්නාගොඩ කමිටු වාර්තාව අධිකරණය හමුවේ ගොනු කර තිබෙන බව ද අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

බන්දුල ගුණවර්ධන, කාංචන විජේසේකර ඇතුලු ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු ඇතුළු දේශපාලකයින් පිරිසක් විසිමු යි මෙම පෙත්සම ගොනු කර තිබෙන්නේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලූ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මඟින් විමර්ශන පවත්වා වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව යි.

එම වාර්තාව මගින් යුද හමුදාව, පොලීසිය හා බුද්ධි අංශවල රාජකාරි පැහැර හැරීම් නිසා මෙම තත්වය උද්ගත වූ බව පෙත්සමේ සඳහන්.

එබැවින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු විත්තිකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.