බිත්තර නැවක් අද කොළඹට

දේශීය වෙළඳපොලේ බිත්තර මිල ඉහළ යාමට පිළියමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ලක්ෂ විස්සක් රැගත් නෞකාව අද (25) දිවයිනට ළඟාවීමට නියමිතයි.
ඒ අනුව එම නෞකාව අද උදෑසන ඉන්දියාවෙන් පිටත්වන අතර, අද රාත්‍රී කාලයේදී එය දිවයිනට ළඟාවීමටයි නියමිතව ඇත්තේ.
මේ අතර සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක කියා සිටියේ අමුද්‍රව්‍යවල බදු අඩු කරන්නේ නම් තමන්ටද රුපියල් 25 ක් වැනි මුදලකට වුවද බිත්තරයක් අලෙවි කළ හැකි බවයි.
මේ අතර ආනයනික බිත්තර භාවිත කිරීම සඳහා මාර්ගෝපදේශන මාලාවක් සකස් කරන්නැයි , අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පසුගියදා උපදෙස් ලබාදුනි.
ඒ අනුව , බේකරි නිෂ්පාදන සඳහා ආනයනික බිත්තර භාවිත කරන විට අත් ආවරණ යොදා ගැනීම සහ බිත්තර කටු ආරක්ෂිතව බැහැර කිරීම හෝ විනාශ කිරීම සිදු කළ යුතු වේ.
කිසිසේත්ම ඉතිරි බිත්තර කටු පරිසරයට මුදා හැරීම නොකල යුතු ය.
රටවල් කිහිපයක ව්‍යාප්තවී යන කුරුළු උණ වෛරසය මෙරටට ඇතුළුවීමට වැළැක්වීමේ අරමුණින් මෙම මාර්ගෝපදේශ නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

