කලකට පසු මැතිවුස් යළි එක්දින පිටියට – චමීරට සහ කුසල්ටත් අවස්ථාව

කලකට පසු මැතිවුස් යළි එක්දින පිටියට – චමීරට සහ කුසල්ටත් අවස්ථාව

නවසීලත්තය සමග පැවත්වෙන තරඟ 03කින් යුත් එක්දින සහ පන්දුවාර විස්ස ක්‍රිකට් තරඟාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිත මේ වන විට (26) නම් කර ඇති බව වාර්තා වනවා.

ක්‍රීඩකයින් 21 දෙනෙකුගෙන් යුත් මෙම සංචිත සඳහා ආබාධයකට ලක්ව සිටි දුෂ්මන්ත චමීර කැදවා ඇති අතර, පන්දුවාර විස්ස සංචිතයට ශල්‍යකර්මයකට ලක්ව සිටි කුසල් ජනිත් පෙරේරා ද නම් කර ඇති බවයි වාර්තාවන්නේ.

කලකට පසු ශ්‍රී ලංකා එක්දින සංචිතයට ඇන්ජලෝ මැතිව්ස් කැදවා ඇති අතර ඔහු අවසන් වරට ජාත්‍යන්තර එක්දින තරගයකට සහභාගිවුයේ 2021 වසරේ මාර්තු මාසයේදි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි.

පන්දුවාර විස්ස සංචිතයට එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග පැවති තරගවල දි දක්ෂතා දැක්වු ලසිත් කෲස්පුලේ කැදවා තිබෙනවා.

ඊට අමතරව මතීෂ පතිරණයද එම සංචිතයට ඇතුලත්.

කෙසේ වෙතත් නවසීලත්තය සමග පැවත්වෙන තරග 03කින් යුත් එක්දින සහ පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය මෙතෙක් නිලවශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදන කර නැහැ.

පසුගියදා නවසීලන්තය එරෙහි තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

COMMENTS