කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් ගැටුම අද

පන්දුවාර විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය අද (26) පැවැත්වීමට නියමිතව තිබේ.
තරඟය දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හිදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භ වීමට නියමිතය.
මෙවර අවසන් මහා තරගයට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සුදුසුකම් ලබා තිබේ.
ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම මේ දක්වා අවස්ථා 6කදී විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබා ඇති අතර ඉන් අවස්ථා 5කදී ශූරතාව හිමිකර ගැනීමට සමත්විය.
දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වේ.

