බිත්තරයක් 25ට දෙන්න පුළුවන්

ආනයනික බිත්තරයක් රුපියල් 25කට ලබා දීමට හැකි වූවත් රුපියල් 30ට ලබා දීමට තීරණය කර ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
මේ පිළිබඳ වැඩිදුර අදහස් දැක් වූ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත්,
“කෝප් කමිටුවේදී කිව්වා 32 කට විතර බිත්තර දෙන්න කියලා , නමුත් ලංකාවෙ මුදලින් රුපියල් 16ක් විතර වගේ තමා වෙන්නේ. බිත්තරයක් ඉන්දියාවේ , මේක කර්මාන්තකරුවන්ට රුපියල් 30ට තමා ලබාදීමට තීරණය කර තිබෙන්නේ.
අපිට තියන ප්‍රශ්නේ තමයි, වරායෙන් මේක බානකොට ගාන කීයද කියන එක, ඒ පිළිබඳව තවම දැනුම් දීලා නැහැ
බිත්තර කටු වළලනවා කියලා කියනවා, බිත්තර කැඩීමේදී ගවුස් භාවිතා කරන්න කියලා කියනවා, එච්චර බයනම් ඇයි බිත්තර ගෙනාවෙ. ආනයනික බිත්තරයක් 30ට දෙන්නෙ, නමුත් බිත්තරයක් රුපියල් 25කට දෙන්න පුළුවන්. මෙතන රුපියල් 5 ක වෙනසක් තියෙනවා. ආනයනික බිත්තර පිළිබඳ සමාජයේ බියක් තියෙනවා, මේ නිසා එකපාරක් මාළු කාල පෙන්නුව වගේ බිත්තරයක් කාල පෙන්නන්න ඔය ආනයනය කරන කට්ටිය, අන්න එතකොට අපිට බය නැතුව ආපන ශාලාවල බිත්තර රොටි, බිත්තර නිෂ්පාදන හදලා බය නැතුව දෙන්න පුළුවන්, එතකොට අපි ගාන අඩුකරලා දෙන්නම් වෙළඳපොලේ බිත්තර හිඟයක් තිබෙනවා, අන්න ඒ හිඟය නිර්මාණය කරලා තියෙන්නෙ කවුද කියලා හොයාගන්න ඕන. මහින්ද අමරවීර ඇමතිතුම ඔයා එළවළු කනවා වගේ බිත්තරයක් කාල පෙන්නන්න.” යනුවෙන්

