සජබ මූලික අයිතිවාසිකම් පෙත්සම පෙත්සම සලකා බැලීමට උසාවිය තීරණය කෙරේ

සජබ මූලික අයිතිවාසිකම් පෙත්සම පෙත්සම සලකා බැලීමට උසාවිය තීරණය කෙරේ

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මැතිවරණ කොමිසමට නිකුත් කරන ලෙස සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර උසාවියට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙයි

මැතිවරණ කොමිසම වෙත මුදල් ප්‍රතිපාදන මුදා නොහැරීම තුළින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු වගඋත්තරකරුවන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙම පෙත්සම මගින් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මාර්තු මස 03 වැනිදා මෙම පෙත්සම සලකා බැලීමට තීරණය කර තිබෙයි.

මාර්තු මස 09 වන දාට පෙර අදාළ පෙත්සම සලකා බැලීම සඳහා කැඳවන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කළ ඉල්ලීමකට අනුව එම නියෝග ලබා දී ඇත.