ලියොනොල් මෙසීට හොඳම ක්‍රීඩකයා සම්මානය

ආජන්ටිනානු පාපන්දු කණ්ඩායමේ නායක ලියොනොල් මෙසී ෆීෆා සම්මාන උළෙලේදී 2022 වසරේ හොඳම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වුණා.
35 හැවිරිදි මොහු මෙම සම්මානය හිමිකරගනු ලැබුවේ දෙවන වතාවට යි.
මෙසී කටාර්හි පසුගියදා නිමාවට පත්වූ ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට සිය කණ්ඩායම මෙහෙයවනු ලැබුවා.


