විදුලි බිල වැඩිකිරීමට එරෙහිව කැකිරාවේ ජනතාව පාරට එයි (Photos)

විදුලි බිල වැඩිකිරීමට එරෙහිව කැකිරාවේ ජනතාව පාරට එයි (Photos)

මැති ඇමතිවරුන් කෝටි ගණනින් විදුලි බිල නොගෙවා සිටිය දී ජනතාව මත ඒ බර පටවා දරා ගත නොහැකි ලෙස වැඩිකර ඇති විදුලි බිල වහාම අඩුකරන ලෙස ආණ්ඩුවට බල කරමින් කැකිරාව නගරයේ දී, ප්‍රදේශවාසීන් විදුලි බිල් පුලුස්සා, පන්දම් දල්වා ඊයේ (27) රාත්‍රියේ විරෝධතාවයක නිරත වී තිබුණා.

පැයකට අධික කාලයක් පැවැති එම විරෝධතාවයට එක්වූ පිරිස විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින්, විරෝධතා පාඨ කියමින්, පන්දම් දල්වාගෙන විරෝධතාවය පැමට කටයුතු කළ බවයි වාර්තා වෙන්නේ.

ජනතාවට දරාගත නොහැකි අයුරින් ආන්ඩුව ඉහළ දැමීමට කටයුතු කළ විදුලි බිල ගෙවා ගැනීම අසීරු කාර්යක් බවට පත්ව ඇති බව පෙන්වා දුන් විරෝධතාතරුවෝ කියා සිටියේ, විදුලි බිල වැඩි වීමත් සමග කර්මාන්ත ශාලා වැසී යන මට්ටමට පත්ව ඇති බවයි.