සති අන්තයේ පැය 24ක් වතුර නෑ

අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මාර්තු 4 වන සෙනසුරාදා ප.ව. 2.00 සිට මාර්තු 5 වන ඉරිදා ප.ව. 2.00 දක්වා කොළඹ ප්‍රදේශ රැසක පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය සඳහන් කළේ, මාලිගාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ ජල නළ පද්ධතියට අදාළව ව්‍යාපෘති මගින් සිදු කරනු ලබන අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ය.
ඒ අනුව, කොළඹ 1 සිට 4 දක්වා සහ 7 සිට 11 දක්වා සහ කොළොන්නාව නගර සහා ප්‍රදේශයේ වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇත.

