බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකගේ ලක්ෂ හතක රන් භාණ්ඩවලට විදලා

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකගේ ලක්ෂ හතක රන් භාණ්ඩවලට විදලා

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක ගේ නිල නිවසේ තිබූ රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා රන් භාණ්ඩ අතුරුදන්ව ඇති බවට බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

මැගසින් බන්ධනාගාරය තුළ නිල නිවස පිහිටා ඇති අතර ඔහුගේ බිරිඳ විසින් බොරැල්ල පොලීසියට මෙම පැමිණිල්ල සිදුකර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

එම නිල නිවස සුද්ධ පවිත්‍ර කිරීම සඳහා සිරකරුවන් යොදවනු ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.