කච්චතිව් මංගල්‍යය අදින් ඇරඹෙයි

කච්චතිව් මංගල්‍යය අදින් ඇරඹෙයි

කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වීමට නියමිතව තිබේ.

ඉන්දීය හා ලාංකීය බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් එය හෙට දක්වා පැවැත්වෙනු ඇති.

යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම මංගල්‍යය නාවික හමුදාවේ සහයෝගය ඇතිව, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාව, එක්ව සංවිධාන කරනු ලබනවා.

මෙවර ඉන්දීය බැතිමතුන් දහසක පමණ පිරිසක් කච්චතිව් මංගල්‍ය වෙනුවෙන් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කළේ.

ඊට සහභාගි වන මෙරට බැතිමතුන් සඳහා අද සිට යාපනය – කුරිකට්ටුවාන් ජැටියේ සිට නාවික හමුදා බෝට්ටු සේවයක් ද ක්‍රියාත්මක යි.