ඡන්ද දිනය කියන්න මැ.කොමිසම අද රැස්වෙයි

ඡන්ද දිනය කියන්න මැ.කොමිසම අද රැස්වෙයි

පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (03) රැස්වීමට නියමිතය.

මැතිවරණ කොමිෂන් සභාවෙන් පරිබාහිර ගැටලු නිසා එළැඹෙන 9 වැනිදා මැතිවරණය නොපැවැත්වෙන බව පසුගිය සතියේදී මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කළේය.

මැතිවරණ කටයුතු පිළිබඳ පැන නැඟී ඇති ගැටලු පිළිබඳව පසුගියදා මැතිවරණ කොමිෂන් සභාව සෙසු දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සමග සාකච්ඡා කළේය. පළාත් පාලන මැතිවරණය ලබන 9 වැනිදා සිට සති තුනකින් පසුව දිනයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.