මරණ තර්ජන මැද “මෙසී” සටන් සගයන්ට දුන්න අපුරූ තෑග්ග

මරණ තර්ජන මැද “මෙසී” සටන් සගයන්ට දුන්න අපුරූ තෑග්ග

ලියනෝල් මෙසී ලෝක කුසලානය දිනූ කණ්ඩායමට සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට රන් iPhone 35ක් ලබා දී තිබෙනවා.

ඒ සඳහා ඔහු වියදම් කර ඇති මුදල පවුම් 175,000ක්.

ලියනෝල් මෙසී ජයග්‍රාහී සංචිතයේ සෑම සාමාජිකයෙකුටම කැරට් 24 උපාංග ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.

https://bit.ly/3SQXKeE

මේ අතර මෙසී සම්බන්ධයෙන් පළවූ තවත් පුවතක් මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ.

ඒ ඔහුගේ බිරිඳ වන Antonella Roccuzzoගේ පවුලට අයත් Rosario හි පිහිටි සුපිරි වෙළෙඳසැලකට මෙලෙස වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එහිදී වෙඩික්කරුවන් විසින් සටහනක් තබා ගොස් ඇති අතර එහි සටහන්ව ඇත්තේ “මෙසී අප ඔබ එනතුරු බලාසිටිනවා, Rosario හි නගරාධිපති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්, ඔහුට ඔබව ආරක්ෂා කළ නොහැකියි” යනුවෙයි.

එරට පොලීසිය පවසා ඇත්තේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිප්‍රහාරය එල්ලකර පළාගොස් ඇති බවය.

වෙඩිතැබීම හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර ඉන් සුපිරි වෙළෙඳසැලට හානි සිදුව ඇත.

එහිදී සැකකරුවන් විසින් වෙඩි ප්‍රහාර 14ක් එල්ලකර ඇති බවටද තොරතුරු වාර්තාවෙයි.

එසේම එරට බලධාරීන් වාර්තා කර ඇත්තේ මෙම වෙඩිප්‍රහාරයට හේතුව මේ වනතෙක් පැහැදිළිව අනාවරණය වී නොමැති බවය.

https://bit.ly/3y63E1F