ඩොලරය අඩුවීමෙන් ගෑස් මිල වැඩි නොවන ලකුණු

ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් හෙට (5) සිදු වීමට ඇති බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල මෙම මාසය තුළ ඉහළ දැමීමට නියමිතව තිබුණත් ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම හේතුවෙන් ගෑස් මිලේ වැඩිවීමක් සිදු නොවන බවටයි වාර්තා වන්නේ.
හෙට (05) දිනයේදී ඒ සම්බන්ධයෙන් නිල ප්රකාශයක් ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් විසින් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

