යාල්දේවි පිට පනී (Photos)

අනුරාධපුරයේ සිට කොලඹ කොටුව බලා ධාවනය වූ යාල්දේවි සීඝ්රගාමී දුම්රිය මහව දුම්රිය ස්ථානයේදී පිලිපැනීමට ලක්ව තිබෙනවා.
අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් පස්වරු 2 ට පමණ ගමන් ආරම්භ කළ මෙම දුම්රිය මීට සුළු මොහොතකට පෙර පීලි පැන ඇතැයි සදහන් වේ.
පීලි පැනීමට පෙර දුම්රිය මැදිරි සම්බන්ධ වන කොටසෙන් කැඩී වෙන්වී තිබූ බවත් එක් මංතීරුවක් මුළුමනින්ම අවහිරව ඇති බවත් සදහන් වේ.
දුම්රිය පීලිගත කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව දුම්රිය බලධාරීන් සඳහන් කරයි.





