අන්තරේ විරෝධතාවයට උසාවියෙන් නියෝගයක්

පොලීසිය කළ ඉල්ලීමක් සලකා බලමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සිදු කිරීමට නියමිත විරෝධතාවයකට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝගයන් නිකුත් කළා.
ඒ අනුව අද (07) පෙරවරු 11 සිට රාත්‍රී 10 දක්වා ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර සහ අවට ප්‍රදෙශ කිහිපයකට පෙළපාලිවලින් ඇතුළු වීම ඔවුන්ට තහනම් වනු ඇති.
කෙසේ වෙතත් සාමකාමී ලෙස උද්ඝෝෂණ සිදු කළ හැකි බව ද අධිකරණය ප්‍රකාශ කර තිබෙනවා.

