අන්තරේ විරෝධතාවයට තවත් නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය සිදුකරන විරෝධතාවට අදාළව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයත් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ මරදාන පොලිසිය සිදුකළ කරුණු දැක්වීම් අනුවයි.
එහි දැක්වෙන්නේ මහ ජනතාව භාවිතකරන රෝහල් සහ ඒ අවට ප්‍රදේශ, පුංචි බොරැල්ලේ සිට කුලරත්න මාවත, ඩීන්ස් පාර, ටෙක්නිකල් මංසන්ධියේ සිට සංඝරාජ මාවත දක්වා සහ පෙළපාලියක් ලෙස ගමන්කිරීම තහනම් වන බවයි.
එමෙන්ම ටී.බී.ජයා මාවත, ආර්නෝල්ඩ් රත්නායක මාවත, ඕල්කට් මාවත, ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ සංකීර්ණය පිහිටි මාර්ග වෙත එළෙස ප්රවේශවීම ද අධිකරණය විසින් තහනම් කර තිබෙනවා.

