කාන්තා දිනයේ ශ්‍රී ලංකන් කාන්තාවන්ගේ ගුවන් ගමන (Photos)

ශ්‍රී ලංකන් ගුවන් සේවය කාන්තා කාර්ය මණ්ඩලයකින් පමණක් සමන්විත ගුවන් ගමනක් සිදු කරමින් අදට යෙදී ඇති කාන්තා දිනය සමරා තිබෙනවා.
මෙහි ඇති විශේෂත්වය වන්නේ එහි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාන්තා කාර්ය මණ්ඩලයකින් පමණක් සමන්විත වීමය.
UL131 දරණ එම ශ්‍රී ලංකන් ගුවන් යානය අද උදෑසන ඉන්දියාවේ ට්‍රිචි බලා පියාසර කර ඇත.
එහි කාර්ය මණ්ඩලයට කපිතාන් චාමිකා රූපසිංහ, පළමු පියාසර නිලධාරි බිමලී ජීවන්දර, ගුවන් කාර්ය මණ්ඩල ප්‍රධානී රෝෂානි දිසානායක, ගුවන් මැදිරි අධීක්ෂක උපුලි වර්ණකුලසහ ගුවන් සේවිකාවන් වන ලක්මිණි දිසානායක, ජයකලනී කින්සන් සහ හර්ෂි වල්පොල කංකානමාලගේ එක් වූහ.




