විනිසුරුවරුන්ගේ වැටුපෙන්, බදු අයකිරීමට එරෙහි තහනම් නියෝගය දීර්ඝ කෙරේ

විනිසුරුවරුන්ගේ වැටුප්වලින්, උපයන විට ගෙවීමේ බද්ද වලක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන 16 දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (09) නියෝග කළා.
එම නියෝගය නිකුත් කර ඇත්තේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.මරික්කාර් යන විනිසුරු මඩුල්ල විසින්.
ශ්රී ලංකා අධිකරණ නිලධාරින්ගේ සංගමය සහ ශ්රී ලංකා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

