සතොස භාණ්ඩ 7ක මිල බස්සයි

සතොස ආයතනය භාණ්ඩ 7 ක මිල අද (09) සිට ක්රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා.
ඒ අනුව, වියළි මිරිස් කිලෝවක් රුපියල් 75කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 1500ක් ලෙසයි.
පාන් පිටි කිලෝවක මිල රුපියල් 15කින් අඩු කර ඇති අතර එහි මිල රුපියල් 230ක් ලෙස දැක්වුණා.
පරිප්පු කිලෝවක් රුපියල් 19කින් අඩු කරමින් නව මිල රුපියල් 339ක් ලෙස දක්වා තිබෙනවා.
සුදු සීනි කිලෝවක් රුපියල් 11කින් අඩු කර ඇති අතර එහි නව මිල 218ක් ලෙස සටහන් වුණා.
දේශීය රතු කැකුළු කිලෝවක මිල රුපියල් 9කින් අඩු කරමින් 155ක් ලෙස දැක්වුණා.
දේශීය නාඩු කිලෝවක් රුපියල් 7කින් සහ ලොකුළුෑණු කිලෝවක් රුපියල් 6කින් අඩු කර තිබෙනවා.
එහි නව මිල ගණන් පිලිවෙලින් දැක්වුණේ රුපියල් 188ක් හා රුපියල් 129ක් ලෙසයි.

