බණ්ඩාරවෙල පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව විශේෂ විමර්ශනයක්

බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඊට හේතු වී ඇත්තේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නවතා තිබූ මීනගයා දුම්රියෙහි වැසිකිළියේ තිබී හමු වූ බිළිඳාගේ මව අත්අඩංගුවට ගත් අවස්ථාවේ දි සැකකාරිනියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයක්.
පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් සැකකාරිනිය අපහසුතාවට පත් වන ආකාරයෙන් කටයුතු කිරීම, සිද්ධිය සම්බන්ධයෙන් සැලකිල්ලකින් තොරව විමර්ශනය කිරීම, ළමුන් හා කාන්තාවන් සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ ව පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙනුයි අදාළ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.

