ජනපතිගෙන් කමිටුවක්

ජනපතිගෙන් කමිටුවක්

පෞද්ගලික විශ්වවිද්‍යාල තුනක් ඇතුළු තවත් විශ්වවිද්‍යාල කිහිපයක වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබාදීම සඳහා ශික්ෂණ රෝහල් ලෙස භාවිත කිරීමට සුදුසු රජයේ රෝහල් හඳුනා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කමිටුවක් පත්කර තිබෙනවා.

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොළගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන ඇතුළු 13 දෙනෙකු ඇතුළත්.

ඒ අනුව, රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට බාධාවක් නොවන පරිදි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල, ලයිසියම් කැම්පස් සහ කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල හා පොළොන්නරුව යන විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන වෛද්‍ය සිසුන් සඳහා ශික්ෂණ රෝහල් ලෙස භාවිතයට යොදාගැනීමට සුදුසු රජයේ රෝහල් මෙම කමිටුවෙන් සොයා බලනු ඇති.

අදාළ කමිටුවේ වාර්තාව මාස 02ක් තුළ ජනාධිපතිවරයා වෙත භාරදිය යුතු වෙනවා.