දුම්රිය ස්ථානවලට දැඩි ආරක්ෂාවක් – ගුවන් පාලකවරුනුත් වර්ජනයට එක් වෙයි

දිවයින පුරා ක්‍රියාත්මක වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් සියලුම දුම්රිය ස්ථානවලට පොලිස් සහ හමුදා ආරක්ෂාව යොදවා ඇති බව වාර්තා වෙනවා.
එමෙන්ම, රාජ්‍ය ආයතනවල සේවකයින් පැමිණීමේ අඩුවක් ද දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.
මේ අතර, වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයිනේ සියලුම රෝහල්වල සායනික සහ ඖෂධ නිකුත් කිරීම ඇතුලු රසායනාගාර කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.
මෙම වර්ජනය ක්‍රියාමාර්ගයට ශ්‍රී ලංකා ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය ද එක්ව සිටිනවා.
එම නිසා කටුනායක ගුවන්තොටුපලෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටත්වන ගුවන් යානාවල සුළු ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි එම සංගමයේ සභාපති තිසර අමරනන්ද සඳහන් කළේ.
කෙසේ වෙතත්, හදිසි අවශ්‍යතා සහිත ගුවන් යානා, වෛද්‍ය ආධාර සහ රෝගීන් රැගෙන යන යානා සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අඛන්ඩව ක්‍රියාත්මක බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

