ඡන්ද පත්‍රිකා මුද්‍රණයට රජයේ මුද්‍රණාලය යළි භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලයි

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට රජයේ මුද්‍රණාලය යළි භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලයි

මැතිවරණ මුද්‍රණ කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන ඉල්ලා මහා භාණ්ඩාගාරයට යළිත් ලිපියක් යොමු කළ බව, රජයේ මුද්‍රණාලය පවසනවා.

මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ, මහා භාණ්ඩාගාරයේ මෙහෙයුම් දෙපාර්තමේන්තුවට අදාළ ලිපිය යොමු කළ බවයි.

එහි පිටපතක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ද යොමු කළ බව ඇය ප්‍රකාශ කළා.

මුද්‍රණාලයාධිපතිනිය පැවසුවේ, මුද්‍රණ කටයුතු වෙනුවෙන් මුදල් ඉල්ලා මීට පෙර මුදල් අමාත්‍යාංශයට යොමු කළ ලිපියට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.