හරක්කටා සහ කුඩු සළිඳු දිවයිනට ගෙන එයි

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන නදුන් චින්තක හෙවත් හරක්කටා සහ සලිදු මල්ෂිත හෙවත් කුඩු සළිදු ගුවන් මගින් අද මෙරටට රැගෙනවිත් තිබෙනවා.
ගුවන්තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ අද උදෑසන 7යිද 10ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූඑල් 142 දරන යානයෙන් මුම්බායි නුවර සිට මොවුන් මෙරටට රැගෙන ආ බවයි.
ඒ, පසුගියදා එරටට පිටත්ව ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්.
හතර දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුද ඇතුලත් වුණා.
පෞද්ගලික ජෙට් යානයකින් හරක්කටා සහ කුඩු සළිදු ඇතුළු තවත් පිරිසක් පෙබරවාරි මස 12 වනදා මැඩගස්කරයට පැමිණ තිබූ අතර ඔවුන් ඉවොටෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ජාත්‍යන්තර පොලීසිය මගින් නිකුත් කර තිබූ රතු වරෙන්තුවකට අනුව යි.
මොවුන් අත්අඩංගුවට ගත් බව එරට ආරක්ෂක අංශ, විදේශ කටයුතු අමාත්‍යංශයට පසුගියදා දැනුම් දුන් අතර අනතුරුව යි හරක්කටා සහ කුඩු සළිදු මෙරටට රැගෙන ඒම සඳහා පොලිස් කණ්ඩායමක් මැඩගස්කරය බලා පිටත්ව යනු ලැබුවේ.

