නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් යළි බිඳ වැටේ

නොරොච්චෝලේ බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රයේ බිඳ වැටීමක් සිදුව ඇතැයි විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
එම බලාගාරයේ තුන් වන ජනන යන්ත්‍රය අප්‍රේල් මාසයේදී අලුත්වැඩියා කටයුත්තක් සිදු කිරීමට නියමිතව තිබූ බව ද කංචන විජේසේකර මහතාගේ ට්විටර් පණිවිඩයේ සඳහන් කර තිබේ.
ඒ අනුව අඛණ්ඩව විදුලි සැපයුම ලබා දීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය සතු ඩීසල් සහ ඉන්ධන භාවිත කරනු ඇත.
අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරට ත් දැක්වෙන්නේ බිඳ වැටීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු නොකරන බවය.


