අදත් පළාත් කිහිපයකට වැසි

අදත් පළාත් කිහිපයකට වැසි

සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් අද (22) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ දෙපාර්තමෙන්තුව පවසනවා.

ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක් තද වැසි ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමෙන්තුව පවසන්නේ.

සෙසු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

එමෙන්ම, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමෙන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.