විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් 7800ක් ගුරු සේවයට

විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් 7800ක් ලබන මාසයේ ගුරු සේවයට බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශය පැවසුවේ, මේ වනවිට ඔවුන්ගේ ප්‍රතිඵල ලේඛන ජාතික අධ්‍යාපන ආයතනයට යොමු කර ඇති බවයි.
ප්‍රාථමික ශ්‍රේණි හා සාමාන්‍ය පෙළ දක්වා ගණිතය විද්‍යාව හා ඉංග්‍රීසි වැනි විෂයන්ට අදාළව මෙම ගුරුවරුන් බඳවා ගැනෙනු ඇති ඇති.
මේ අතර, රාජ්‍ය සේවයේ උපාධිධාරින් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා හෙට(25) පැවැත්වීමට නියමිතව තිබූ විභාගය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවු බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ ය.
ඒ විභාගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව තිබූ පෙත්සමක් සලකා බලමින් ලබාදුන් අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් ය.

