බස් ගාස්තු අඩු වෙන ලකුණු

බස් ගාස්තු අඩු වෙන ලකුණු

ඉදිරියේදී ප්‍රවාහන ගාස්තු අඩු විය හැකි බව ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, කළුතර පැවති නව බස් රථ බෙදා දීමේ උත්සවයකට සහභාගි වෙමිනි.

“විනිමය අනුපාතය ස්ථාවර වුණොත් ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය අඩු වුණොත් අපිට ඉන්ධන පිරිවැය අඩු වෙනවා. අමතර කොටස සහ වෙනත් ආනයනය කරන දේවල්වල මිල අඩු වුණහම එම පිරිවැය අඩු වීමේ වාසිය ජනතාවට ලබා දෙන්න පුළුවන්. මිල සූත්‍රයට අනුවයි බස් ගාස්තු අඩු වෙන්නේ. ඒ වගේ ම ලෝක වෙළෙඳපොළේ මිල වැඩි වෙන කොට ඒ වැඩි වෙන අවස්ථාවේදී වැඩිවීමක් සිදු වෙනවා.” යනුවෙන්