තෙල් බෙදිල්ලට බාධාකල 20කට වැඩ වැරදුණු හැටි

තෙල් බෙදිල්ලට බාධාකල 20කට වැඩ වැරදුණු හැටි

ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලට බාධා වන අයුරින් කටයුතුකල ඛනිජ තෙල් සේවකයන් විසි දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට ඛනිජ තෙල් පාලනාධිකාරිය කටයුතු කර තිබෙනවා.

ඛනිජ තෙල් නිශ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම හා සම්බන්ධිත සියළුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර ඇති පසුබිමක අදාල කටයුතුවලට බාධා වන අයුරින් හැසිරුණු සේවකයන්ට එරෙහිවයි පාලනාධිකරිය මෙම තීරණය ගෙන තිබෙන්නේ.

ඒ අනුව අදාල සේවකයන් සදහා කොලොන්නාව නිමාව, මුතුරාජවෙල පර්යන්තය හා තොග තෙල් ගබඩාවන් ඇතුලු CPSTL ආයතනය සතු සියළුම පරිශ්‍ර සහ දේපල වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කලාප බවට පත් කර තිබෙනවා.

කොලොන්නාව නිමාවෙහි වැඩ බලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත්) විසින් HRF 086 දරණ ලිපිය යටතේ අදාල සේවකයන්ට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව දැනුවත් කර තිබෙනවා.

මෙලෙස විනය ක්‍රියාමාර්ග ගැනුණු සේවකයන් අතර කොළොන්නාව නිමාව ඛනිජ තෙල් තොග පර්යන්තයේ සේවකයන් 15 ද, මුතුරාජවෙල ඛනිජ තෙල් තොග පර්යන්තයේ සේවකයන් 4ක් සහ එක් විශ්‍රාමික සේවකයෙක් සිටින බවයි වැඩ බලන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිවරයා නිකුත් කළ ලිපියේ දැක්වෙන්නේ.

COMMENTS