වනිඳු පළමු තැනින් දෙකට වැටෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පන්දු යවන්නා වන වනිඳු හසරංග නවතම ICC විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් වලින් පසුබැස තිබෙනවා.
ICC නවතම ශ්‍රේණිගත කිරීම යාවත්කාලීන වීමට පෙර වනිඳු එහි පෙරමුණ ගෙන තිබුණේ ඇෆ්ගනිස්තාන ක්‍රීඩක රශීඩ් ඛාන් දෙවැනි තැනට පත් කරමිනි.
නමුත් මේ දිනවල පාකිස්තානය හා ඇෆ්ගෙනිස්තානය අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ රශීඩ් දැක්වූ දක්ශතා හේතුකොට ගෙන ඔහු එම ශ්‍රේණිගත කිරීම්වල පළමු තැනට පැමිණියේ වනිඳුව දෙවැනි ස්ථානයට ඇද දමමින්.
ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු සටහනේ වනිදුට දෙවැනි වෙමින් ඇෆ්ගන් ක්‍රීඩක ෆසල්ලා ෆරූකි සිටින අතර ඔහු වනිඳුට වඩා ප්‍රසාද ලකුණු තුනක් පසුපස සිටින්නේ ලකුණු 692ක අගයක් වාර්තා කරමින්.
මෙම ශ්‍රේණිගත කිරීම් සටහනේ වනිඳු හැර එකඳු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට පළමු දස දෙනා අතරට පැමිනීමට හැකියාවක් ලැබී නැහැ.
මේ අතර මහීෂ් තීක්ෂණ ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 643ක අගයක් වාර්තා කරමින් එහි 13 වැනියා බවට පත් වී තිබෙනවා.


