බදු ප්‍රතිපත්තියට එරෙහිව ලබන සතියේ සිට යළිත් විරෝධතා

බදු ප්‍රතිපත්තියට එරෙහිව ලබන සතියේ සිට යළිත් විරෝධතා

රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළකරමින් යළිත් වරක් එළැඹෙන සතියේ සිට වෘත්තිය ක්‍රියාමාර්ග අරඹන බව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසනවා.

ඔවුන් ඊයේ (29) අවධාරණය කළේ, මේ පිළිබඳ අවසන් ලිපිය අද (30) ජනාධිපතිවරයාට යොමු කරන බවයි.

වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති එකමුතුව ඊයේ (29) පස්වරුවේ කොළඹදී රැස්විය.

වෛද්‍ය, විශ්වවිද්‍යාල, බැංකු, ඉංජිනේරු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති නියෝජිතයින් මෙයට එක්ව සිටි අතර ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔවුන් සාකච්ඡා කර තිබේ.

වෘත්තිය සමිති 47 කගේ සහභාගීත්වයෙන් පසුගි යදා මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කෙරුණේ, රුපියල් ලක්ෂයට වැඩි ආදයම් ලබන්නන් සදහා අය කරන උපයනවිට බද්ද ඇතුළත් බදු ක්‍රමවේදය සංශෝධනය කිරීම මුල් කරගනිමිනි.

බැංකු ණය පොලී අනුපාතික සංශෝධනය, විදුලි බිල ඇතුළු ජීවන වියදම අඩු කිරීම යන කරුණු ද ඔවුන්ගේ ඉල්ලීම් අතර විය

මේ අතර ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් ඇතුලු සේවකයින් අනිවාර්ය නිවාඩු යැවීමේ තීරණයට එරෙහිව අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

COMMENTS