සයින්දමරුදු බෝම්බ ප්‍රහාරයෙන් සාරා මිය ගොස් ඇතැයි තහවුරු වෙයි

රජයේ රස පරීක්ෂක දේපාර්තමේන්තු වාර්තාව අනුව 2019-04-26 වැනි දින සයින්දමරුදු ප්‍රදේශයේ ආරක්ෂිත නිවසක් තුළ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජස්මින් යන අය මිය ගොස් ඇති බවට තහවුරු වී තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය කළ නිවේදනයක සඳහන් වන්නේ, ඇගේ මවගේ ලබාගත් DNA සාම්පල අනුව එය තහවුරු වී ඇති බවයි.

