දිනේෂ් හා සමිත ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනෙයි

දිනේෂ් හා සමිත ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනෙයි

2023 ඔස්ට්‍රෙලියානු විවෘත්ත සහ අවුරුදු 20න් පහළ ජවන හා පිටිය ශූරතා තරඟාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ පැරා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් වුණා.

ඔහු මෙම තරඟයේ දී වාර්තා කළ දක්ෂතාව ලෙස සටහන් වූයේ මීටර් 63.18ක දුරක්.

එම ඉසව්වේ ම රිදී පදක්කම ශ්‍රී ලංකාවේ සමිත දුලාන් දිනා ගැනීමට සමත් වුණා.

තරගාවලිය ඔස්ට්‍රෙලියාවේ ක්වින්ස්ලන්ඩ්වල පැවැත්වෙනවා.

COMMENTS