උසස් පෙළ පිලිතුරු පත්‍ර ඇගයීම් ගැන තවමත් තීරණයක් ගෙන නැහැ

තාවකාලිකව වර්ජනය අවසන් කළද උසස් පෙළ පිලිතුරු පත්‍ර ඇගයීම් සදහා සහභාගි වීම සම්බන්ධයෙන් තීරණය කල් දැමූ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සදහන් කළේ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සතුටුදායක නිගමනයකට එනතුරු මෙලෙස පිලිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදුකිරිම සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගත් බවයි.
රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකරනු ලැබුවා.

